ලිංගික බලහත්කාරකමක් සිදුවුවහොත් වහාම ප්‍රතිකාර ලබාගන්න. ඔබට අනවශ්‍ය ගැබ්ගැනීමක් ඇති විය හැකි නම් හදිසි ගැබ්ගැනීම් වළක්වන පෙති ලබා ගන්න. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වී ඇත්දැයි පරීක්ෂා කර ගැනීම වැදගත්.
වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න
කඩකිරීමේ බරපතලකම අනුව, ඔබට ඇති විකල්පයන් තේරුම් ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශය උපදෙස් ලබා ගන්න.
සිද්ධිය ලේඛනගත කරන්න
නීතිමය ක්‍රියාමාර්ග සලකා බලන්න
අවශ්‍ය නම්, දින, වේලාවන්, ස්ථාන සහ අදාළ සන්නිවේදනයන් ඇතුළුව කැමැත්ත කඩකිරීමේ විස්තර, සවිස්තර ලියා තබන්න. මෙය ඔබට ඉදිරියට ප්‍රයෝජනවත් වේවි.
ඔබට අනාරක්ෂිත බවක් හෝ අපහසුතාවයක් හෝ දැනේ නම්, හැකි ඉක්මනින් එම ස්ථානයෙන්/තත්ත්වයෙන් ඉවත් වන්න.
ඔබේ සැපපහසුව සහ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසුව කඩ කිරීම සිදුකළ පුද්ගලයාට ඔබේ හැඟීම කියන්න. ඔබ පත්වූ අපහසුතාවය ප්‍රකාශ කර ඔබේ සීමාවන්ට ගරු නොකළ බව ස්ථිරව කියන්න.
ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න
තත්ත්වය සාකච්ඡා කිරීමට සහ සහය ලබා ගැනීමට විශ්වාසවන්ත මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ උපදේශකයෙකු වෙතට යන්න. විශේෂයෙන්ම ඔබ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මනසින් පීඩා විඳින්නේ නම් , මග පෙන්වීම් සහ සහාය සැපයිය හැකි මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කිරීම සලකා බලන්න. මෙම කාලය තුළ සැනසීම සහ මග පෙන්වීම ලබා දිය සහය ජාලයක් ඔබ වටා ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න.
පැහැදිලිව සන්නිවේදනය කරන්න
සහාය පතන්න
කැමැත්ත කඩ කිරීම අපරාධයකට, නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ නම් හෝ තර්ජනයක් නම් හෝ අදාළ බලධාරීන්ට සිද්ධිය වාර්තා කිරීම පිළිබඳව සලකා බලන්න.
බලධාරීන් වෙත වාරතා කරන්න